ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 35ක ජයක් වාර්තා කරමිනුයි.තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 36.5කදී සියලු දෙනා දැවි ලකුණු 201ක් රැස්කළා.
කුසල් පෙරේරා ලකුණු 78ක් රැස්කිරිමට සමත් වූ අතර දිමුත් ලකුණු 30ක් හා තිරිමාන්න ලකුණු 25ක් රැස්කළ අතර ඉතිරි පිතිකරුවන් කිසිවෙකුටත් ලකුණු 20 සීමාව ඉක්මවීමට නොහැකි විය. පළමු තරගයේදි මෙන්ම මෙම තරගයේදීත් කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා යන ක්‍රීඩකයෝ අසාර්ථක වූහ.
තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විම හේතුවෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 41කදී ලකුණු 187ක ඉලක්කයක් හිමිවිය. නමුත් එම ඉලක්කය පහසු ඉලක්කයක් බවට පත් නොකළ ශ්‍රී ලංකා පන්දු යවන්නන් ලෝක කුසලානයේ පලමු ජය ලංකාව වෙත ගෙන ආවේ නුවන් ප්‍රදීප් 31/4, ලසිත් මාලිංග 39/3 පන්දුවෙන් දක්ෂතා දක්වමිනුයි.
තරගයේ වීරයා ලෙස නුවන් ප්‍රදිප් සම්මාන ලැබුවා.
https://www.facebook.com/srilankacricket/videos/343005053082726/?t=0