ඉන්දිය හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි මෙවර ලෝක කුසලාන තරගාවලයේදී කඩුලු රැකීම සඳහා භාවිත කරන අත් ආවරණ ඉවත් කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.ඒ ඔහුගේ අත්ආවරණයන්හි ඉන්දීය යුද හමුදාවට සම්බන්ධ ලාංඡනයක් ඇතුළත්වීම හේතුවෙන්. එම ඉල්ලීමට අදාළව පිළිතුරු දී ඇති ඉන්දියාව අයි.සී.සී. ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ දෝනිගේ අත්ආවරණයන් හි ආගමික හෝ වාණිජ සළකුණක් නොමැති බවයි.
එම ප්‍රතිචාරයට අයි.සී.සී.ය තවම පිළිතුරක් දක්වා නොමැති උවත් ජාතයන්තර ක්‍රිකට් කවුන්සිලයේ රෙගුලාසි අනුව වාණිජ, ආගමික හෝ ආරක්ෂක ලාංඡන එසේ පැළඳිය නොහැකියි.