News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
7

නුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දින නියම කෙරේ

1318 Views


නුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දින නියම කෙරේ

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයට දින නියම කර තිබෙනවා. 2019 ඇසළ පෙරහර මංගල්‍යය සම්බන්ධයෙන් අද පැවති සාකච්ඡාවකින් අනතුරුව දියවඩන නිලමේ, ප්‍රදීප් නිලංග දෑල ප්‍රකාශ කර ඇත්තේ මෙවර පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම අගෝස්තු 2 වනදා සිදුකරන බවයි.

පළමු කුඹල් පෙරහර අගෝස්තු 5 වනදා වීථි සංචාරය කරන අතර රන්දෝලි පෙරහර ආරම්භ වන්නේ අගෝස්තු 10 වනදායි.අගෝස්තු 14 වනදා අවසන් රන්දෝලි පෙරහර වීථි සංචාරය කිරීමට නියමිත බවයි වැඩි දුරටත් මෙම හමුවේදී සදහන්කර සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post