News Line| Off Air
Generic placeholder image

Jun
7

රුපියල් 25000 රථ වාහන දඩයට පාර්ලිමේන්තුවේ අනුමැතිය

1001 Views


රුපියල් 25000 රථ වාහන දඩයට පාර්ලිමේන්තුවේ අනුමැතිය

හඳුනාගත් රථ වාහන වැරදි 06ක් සඳහා දඩ මුදල රුපියල් 25000 දක්වා ඉහළ නැංවීමේ සංශෝධිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදි සම්මත වී තිබෙනවා.අශෝක අබේසිංහ රාජ්‍ය අමාත්‍යවරයා අදාළ කෙටුම්පත අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.

අධික වේගයෙන් රිය ධාවනය කිරීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය, දුම්රිය මාර්ගයන්ට අපරික්ෂාකාරිව රිය ධාවනය කිරීම, වලංගු රියදුරු බලපත්‍ර නොමැති වීම, වලංගු බලපත්‍ර නොමැති පුද්ගලයින් රිය ධාවනයේ යෙදවීම සහ වලංගු රක්ෂණාවරනයක් නොමැතිව රිය ධාවනය වැනි වැරදි සදහා මෙලෙස දඩ මුදල් සංශෝධනය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post