News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
10

ඉන්දීය ක්‍රිකට් ලෝලීන්ට අපූරු පාඩමක් කියා දුන් කෝලී | Video

2448 Views


ඉන්දීය ක්‍රිකට් ලෝලීන්ට අපූරු පාඩමක් කියා දුන් කෝලී | Video

ඊයේ දිනයේ පැවති ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගයේ ඉන්දීය කණ්ඩායම පන්දුවට පහරදෙන අවස්ථාවේදී පිටියේ සිදු වූ අපූරු සිදුවීමක් අද ලෝකය පුරා කවුරුත් කතාබහ කරන මාතෘකාවක් බවට පත්වෙලා. ඒ ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි ඉන්දීය ප්‍රේක්ශකාගාරයට ලබා දුන් අපූරු අවවාදයක් නිසයි. එයට හේතුව වී තිබුණේ පිටියේ පන්දු රැකිමේ නිරත වී සිටි ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීව් ස්මිත්ට ඉන්දීය ක්‍රිකට් ලෝලීන් වංචාකාරය යනුවෙන් ආමන්ත්‍රණය කිරීම. මෙය දැනගත් ඉන්දීය නායකයා වහාම තමන්ගේ රටේ ක්‍රිකට් ලෝලීන්ට එසේ නොකර ඔහුට සහය දක්වන ලෙස සංඥා කරනවා. මේ මහත්මා ක්‍රියාව අද ලෝකයේ බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව තිබෙන අතර විරාත් කෝලී පිළිබදව ලෝකය පුරා මාධ්‍ය ඉතා ඉහළින් වර්ණනාකර කතාකර තිබුණා. එම වීඩියෝව පහතින්..


News Articles
Latest Videos
Most Popular Post