අමාත්‍ය ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකින් පසු ඔවුන් නිවැරදිකරුවන් බව ඔප්පු වුවහොත් යළි අමාත්‍ය ධුර භාර ගැනීමට ඔවුන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ. එච්. එම්. ෆවුසි පවසනවා.
සිය මන්ත‍්‍රී කණ්ඩායම ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් සියලූ පාර්ශ්ව දැනුවත් කිරීමට ද කටයුතු කරන බව මන්ත‍්‍රීවරයා කියා සිටියා. අමාත්‍ය ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත‍්‍රීවරුන් ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත‍්‍රීවරුන් කණ්ඩායමක් ඊයේ මල්වතු – අස්ගිරි පාර්ශ්වවල මහා නාහිමිවරුන් ඇතුලු සංඝරත්නය සහ රාමඤ්ඤ මහා නිකායේ මහා නාහිමියන්ද බැහැ දුටුවා.