News Line| Off Air
Generic placeholder image

Jun
12

ලංගම වර්ජනයක

857 Views


ලංගම වර්ජනයක

ජාතික සේවක සංගමයේ ලංකා ගමනාගමන මණ්ඩල සේවකයින් ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති අතර මෙම වර්ජනය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ලංකා ගමනාගමන මණ්ඩල සභාපති උපාලි මාරසිංහ මහතා පැවසුවේ මේ හේතුවෙන් ගාල්ල, මහරගම, කලවාන ප්‍රදේශවල ලංගම ඩිපෝවල කටයුතු අඩාල වී ඇති බවයි.

එහෙත් අනෙකුත් සියලු දිස්ත්‍රික්කවල කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව ද ඔහු අවධාරණය කලා.

සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ ජාතික සේවක සංගමය නියෝජනය කරන ලංගම සේවකයින් වැඩ වර්ජනයකට අවතීර්ණ වන බවට ඊයේ වාර්තා වූ තොරතුරු මත දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකටම අතිරේක බස් රථ යෙදවීමට ක්‍රියා කළ බවයි.

මේ හේතුවෙන් මගී ජනතාවට කිසිදු අවහිරයකින් තොරව සිය ගමනාගමන කටයුතු සිදුකර ගැනීමට හැකි බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post