News Line| Off Air
Generic placeholder image

Jun
12

වෛද්‍ය ෂාෆිට එරෙහිව වෛද්‍යවරුන් විරෝධතාවක

1728 Views


වෛද්‍ය ෂාෆිට එරෙහිව වෛද්‍යවරුන් විරෝධතාවක

අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට විරෝධය පල කිරීම ඇතුළු කරුණු මුල් කර ගනිමින් විරෝධතා ව්‍යාපාරයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වයඹ පළාත් වෛද්‍යවරුන් තීරණය කර ඇත.

අද (12) දහවල් කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වයඹ පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය ඉන්දික රත්නායක මහතා පැවසුවේය.

චෝදනා එල්ල වී ඇති මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාගේ ක්‍රියා කලාපය, රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම ඇතුළු කරුණු 10 ක් මුල් කර ගනිමින් මෙම විරෝධතාව ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීපව්‍යාප්තව ක්‍රියාත්මක කර ඇති විරෝධතා සතියට සමගාමීව මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්වෙන බව වෛද්‍ය ඉන්දික රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post