අනුරාධපුර මිහින්තලේ සහ තන්තිරිමලේ යන ප්‍රදේශ වල පාසල් 11 ක් අද සිට වසා දැමීමට උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර තිඛෙනවා
එම තීරණයට එළඹ ඇත්තේ පොසොන් උත්සව සමයේ විශේෂ ආරක්ෂක රාජකාරි සඳහා අනුරාධපුරයට පිට පළාත් වලින් පැමිණෙන පොලිසිය ඇතුළු ආරක්ෂක නිලධාරීන්ට නවාතැන් පහසුකම් සැපයීම සඳහායි.
අනුරාධපුර මාධ්‍ය විද්‍යාලය,ස්වර්ණපාලි ජාතික පාසල,ශ්‍රීමත් වලිසිංහ හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලය,ශාන්ත ජෝශප් මහා විද්‍යාලය,විවේකානන්ද මහා විද්‍යාලය,සහිරා මහා විද්‍යාලය,මහාබෝධි විද්‍යාලය,දේවානම්පියතිස්ස මහා විද්‍යාලය මෙලෙස වසා දැමෙන පාසල් අතරට අයත්.
තන්තිරිමලේ විමලඥාන විද්‍යාලය ගලෙන්බිඳුනුවැව අධ්‍යාපන කලාපයට අයත් මිහින්තලේ මහා විද්‍යාලය සහ කම්මලක්කුලම විද්‍යාල ද වසා දැමීමට පියවර ගෙන තිඛෙනවාඑම පාසල් ලබන 19 වෙනිදා යළි ආරම්භ කිරීමට නියමිතයි.
මෙවර පොසොන් උත්සවය සමය කේන්ද්‍ර කරගනිමින් අනුරාධපුර මිහින්තලය සහ තන්තිරිමලේ පුද බිම් කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලෙක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසනවා.ආරක්ෂක කටයුතු සඳහා පොලීසිය පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාවේ මෙන්ම සිවිල් ආරක්ෂ බලකායේ නිලධාරීන් 8 000ක් පමණ යෙදවීමට නියමිතයි.මේ අතර අද සිට ලබන 19 වනදා දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලූම සුරා සැල් වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.