News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
13

ඉම්රාන් ඛාන් දූෂිත දේශපාලඥයන් අත්අඩංගුවට ගැනීම ඉක්මන් කරයි

799 Views


ඉම්රාන් ඛාන් දූෂිත දේශපාලඥයන් අත්අඩංගුවට ගැනීම ඉක්මන් කරයි

රටේ ආර්ථිකය අගාධයට රැගෙන ගිය සෑම හොරෙක්ම අත්අඩංගුවට ගන්නා බව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පවසනවා. එලෙස හොරු අත්අඩංගුවට ගැනීමට ඉතාමත්ම බලවත් කොමිසමක් පත් කරන බවත් අගමැතිවරයා පොරොන්දු වී තිබෙනවා.

දැනටත් ඉම්රාන් ඛාන් රජය, දුෂණ චෝදනා එල්ල වී ඇති දේශපාලඥයන් අත් අඩංගුවට ගැනීම අරඹා තිබෙන අතර ඒ යටතේ හිටපු අග‍්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් හිටපු ජනාධිපති අසිෆ් අලි සර්දාරි අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඊට අමතරව,දුෂණ චෝදනා එල්ල වී තිබුණු හම්සා ෂේබාස්, ඊයේ දිනයේ දී අත් අඩංගුවට පත් වූ අතර දුෂිතයන්ගේ ගොදුරක් බවට පත්ව තිබුණු පාකිස්ථානය කෙමෙන් ස්ථාවරත්වය කරා පැමිණෙමින් සිටින බව කී අග‍්‍රාමාත්‍යවරයා, ඒ සමඟම, දුෂිතයන් අත් අඩංගුවට ගැනීමේ කි‍්‍රයාවලියද ඉක්මන් කරන බවයි කියා තිබෙන්නේ. ඉම්රාන් ඛාන් මේ අදහස් පල කර ඇත්තේ අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමිනුයි.


News Articles
Latest Videos
Most Popular Post