News Line| Off Air
Generic placeholder image

Jun
13

පොසොන් සමයේ එල්ල විය හැකී ඕනෑම තර්ජනයකට සූදානම්

930 Views


පොසොන් සමයේ එල්ල විය හැකී ඕනෑම තර්ජනයකට සූදානම්

මෙවර පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුරයේ වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා 8,000ක පමණ ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් යෙදවීමට බලාපොරොත්තු වන බව උතුරු මැද පළාත් නියෝජ්‍ය පොලිස්පති සෙනරත් සඳුන්ගහවත්ත සඳහන් කරනවා. ඒ යටතේ ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් 4,000ක්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් 2,000ක්, සිවිල් ආරක්ෂක භටයන් 2,000ක් ආදී වශයෙන් මෙසේ ආරක්ෂාව සඳහා යෙදවීමට නියමිතයි.

එමන්ම සුවිශේෂී රථවාහන සැලැස්මක්ද නගරය පුරා ක්‍රියාත්මක කරන අතර ඒ යටතේ මාර්ග බාධක ප්‍රමාණයද වැඩි කර තිබෙනවා.ඕනෑම තර්ජනයකට මුහුණ දිය හැකි ආකාරයේ මාර්ග බාධක රාජකාරී පද්ධතියක්ද සූදානම් කර ඇති අතර අටමස්ථාන භුමිය පමණක් නොව, අනුරාධපුර ප්‍රධාන නගරයත් ආරක්ෂක කලාපයට ඇතුළත් කර විශේෂ මාර්ග බාධක 15ක්ද මේ යටතේ සකස් කර තිබෙනවා.

එම නිසා බැතිමතුන් ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු බියක් ඇතිකර ගැනීම අවශ්‍ය නොවන බවයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post