News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
13

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකයාට මාසයක සිර දඩුවමක්

738 Views


මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකයාට මාසයක සිර දඩුවමක්

පොලීසියේ නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කර බැණ මරණීය තර්ජනය කිරීමේ චෝදනාවකට මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක කේ.ජී. පියතිස්සට රුපියල් දහසක දඩයක් සහ මාසයක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබෙනවා.

ඒ, ඊට අදාළ නඩුවේ තීන්දුව මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා විසින් ඊයේ ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය 2015 වසරේ මාවනැල්ල ප්‍රදේශයේදී පොලීසියේ නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කර බැණ මරණීය තර්ජන එල්ල කළ බවට මොහුට චෝදනා එල්ල වනවා.

පසුගිය පළාත්පාලන මැතිවරණයේදී මොහු පොදුජන පෙරමුණ යටතේ තරග කර මෙම ප්‍රාදේශීය සභාවට තේරී පත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post