News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
13

ලංගම ජාතික සේවක සංගමයේ වර්ජනය අවසන්

519 Views


ලංගම ජාතික සේවක සංගමයේ වර්ජනය අවසන්

ප්‍රවාහන අමාත්‍යවරයා, අග්‍රාමාත්‍ය ලේකම්වරයා ඇතුලූ රජයේ නියෝජිතයින් පිරිසක් සමඟ අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද දහවල් පැවති සාකච්ඡාවකින් අනතුරුව ජාතික සේවක සංගමයට අනුබද්ධ ශ්‍රී ලංගම සේවකයින්, ආරම්භ කළ වර්ජනය අවසන් කර තිබෙනවා.

මාසයක් තුළ සිය ඉල්ලීම් වලට විසඳුම් ලබාදෙන බවට ලබාදුන් එකගතා මත වර්ජනය අවසන් කිරීමට තීරණය කල බවයි ජාතික සේවක සංගමයේ උපලේකම්, සුනිල් ද සිල්වා මහතා කියා සිටියේ.

දැනට ලබාදී ඇති උසස්වීම්වලට අදාළව වැටුප් ලබාදෙන ලෙස බලකරමින් ජාතික සේවක සංගමයේ ශ්‍රී ලංගම සේවකයින් මෙම වර්ජනය ආරම්භ කළේ පෙරේදා මධ්‍යම රාත්‍රියේ වන අතර වර්ජනය ආරම්භ කිරීමට පෙර ඔවුන් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණ උපවාසයක ද නිරත වුණා.


News Articles
Latest Videos
Most Popular Post