News Line| Off Air
Generic placeholder image

Jun
13

සහරාන්ගේ සන්නද්ධ අංශ නායකයා මෙරටට ගේන්න සියල්ල සූදානම්

1442 Views


සහරාන්ගේ සන්නද්ධ අංශ නායකයා මෙරටට ගේන්න සියල්ල සූදානම්

සවුදි පොලිස් අත්අඩංගුවේ සිටින සහරාන්ගේ අන්තවාදී කල්ලියේ සන්නද්ධ අංශ නායකයා මෙරටට රැගෙන ඒම සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වන අතර ඔහු රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් සවුදිය බලා පිටත්ව ගියේ පසුගිය 11 වැනිදායි.

මොහොමඞ් මිල්හාන් නොහොත් අබු සීලන් නමැති එම සන්නද්ධ අංශ නායකයා මරාගෙන මැරෙන ප්‍රහාරයන්ට සූදානම්ව සිටි අයෙකු බව සඳහන්.

2018 වසරේ නොවැම්බර් 30 වෙනිදා මඩකළපුව වව්නතිව් හී පොලිස් මුරපොලක සිටි පොලිස් කොස්තාපල්වරු දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කර ඇත්තේද මිල්හාන් නමැති අන්තවාදියා බවයි අනාවරණ වුණේ.

සහරාන්ගේ කල්ලියේ වනාතවිල්ලුවේ පිහිටි පුහුණු කඳවුර සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහය දුන් මොහොමඞ් නස්ලිම් නමැති මාවනැල්ලේ සමාජ ක්‍රියාකාරිකයෙකුට ඉකුත් මාර්තු 09 වෙනිදා වෙඩි තබා ඇත්තේද මෙම අන්තවාදියා බව විමර්ශනවලින් අනාවරණ වී තිබෙනවා.

ජාත්‍යන්තර පොලිසිය සහ ජාත්‍යන්තර බුද්ධි අංශ මගින් සෞදි බලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව ගුවන් තොටුපොලේ සැඟව සිටි මිල්හාන්ව සවුදි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

එදින මෙරටට පැමීණීමට නියමිතව තිබූ ගුවන්යානයකින් ඔහුව මෙරටට පිටුවහල්කරන බව සෞදි බලධාරීන් දැනුම් දුන්නද සතියක් යනතුරු මිල්හාන්ව මෙරටට පිටුවහල් කිරීමක් සිදුවූයේ නැහැ.


News Articles
Latest Videos
Most Popular Post