News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
13

හිස්බුල්ලා අද විශේෂ තේරීම් කාරක සභාව හමුවට

516 Views


හිස්බුල්ලා අද විශේෂ තේරීම් කාරක සභාව හමුවට

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීම සඳහා පත් කරෙණු විශේෂ තේරීම් කාරක සභාව අද යළි රැස් වනවා.සාක්ෂි විමසීම සදහා කැදවා ඇත්තේ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ එල් ඒ එම් හිස්බුල්ලා හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ ජේ රත්නසිරි මහතායි.

කාරක සභාව රැස් වන 05 වන අවස්ථාව මෙයයි. බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි හා කාත්තන්තුඩි මුස්ලිම් දේවස්ථානවල සභාපතිවරයා පසුගිය 11 වනදා කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නා. ආරක්ෂක ලේකම් ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ සහ ජාතික බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන මහත්වරුන් කාරක සභාව හමුවට කැදවා තිබුනේ පසුගිය 29 වනදා යි.

ත්‍රස්තවාදී විමර්ෂණ කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා පොලිස්පති පූජිත් ජයසුන්දර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන
මහත්වරුන් කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ පසුගිය සතියේදීයි. සාමාජිකයින් 09 දෙනෙකුගෙන් සමින්විත පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පසුගිය මස 23
වනදා පත් කළා.


News Articles
Latest Videos
Most Popular Post