News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
14

අද සහ හෙට විශේෂ ඒකාබද්ධ ඩෙංගු මර්ධන වැඩසටහනක්

451 Views


අද සහ හෙට විශේෂ ඒකාබද්ධ ඩෙංගු මර්ධන වැඩසටහනක්

සක්‍රීයව පවතින නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.මේ හේතුවෙන් අද සහ හෙට යන දෙදින තුළ විශේෂ ඒකාබද්ධ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.
කොළඹ, ගම්පහ, කළුතර. මහනුවර, ගාල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල මෙලෙස ඩෙංගු අවදානම පවතින බව සඳහන්.
මේ අතර, බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පැ.කි.මී. 50 දක්වා තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post