ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වන ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ පස්වන සමුළුව තජිකිස්ථානයේ දුෂාන් බේ නගරයේදී අද ආරම්භ වන අතර ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ඊට සහභාගි වීම සඳහා ඊයේ දිවයිනෙන් පිටත්ව ගියා.
මෙම සමුළුව ආසියාවේ සාමය, ආරක්ෂාව හා ස්ථාවරභාවය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් 1992 වසරේදී බහුජාතික සංසදයක් ලෙස ස්ථාපිත කරනු ලැබුවා.
ශ්‍රී ලංකාව 2012 වසරේ සිට එහි නිරීක්ෂණ රාජ්‍යයක් ලෙස කටයුතු කළ අතර, එහි සාමාජිකත්වය හිමි 26 වන රට ලෙස පසුගිය වසරේ අගෝස්තු 15 වන දින එම සංවිධානයේ සාමාජිකත්වය හිමිකරගත්තා.
මෙම සමුළුව අද සහ හෙට පැවැත්වෙන අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය විශේෂ දේශනය සිදුකරන්නේ හෙට දිනයේයී.
සිය තෙදින නිල සංචාරයේදී ජනාධිපතිවරයා තජිකිස්ථාන ජනාධිපති ඉමෝමාලි රාමෝන් ඇතුලු එරට ඉහළ පෙළේ නියෝජිතයන් කිහිපදෙනෙකු සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.