News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
14

නවසීලන්ත සමූහ ඝාතකයා නිවැරදිකරු බව අධිකරණයට කියයි

473 Views


නවසීලන්ත සමූහ ඝාතකයා නිවැරදිකරු බව අධිකරණයට කියයි

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර දී පසුගිය මාර්තු 15 වන දා මුස්ලිම් දේවස්ථාන දෙකකට ප්‍රහාරයක් එල්ල කොට බැතිමතුන් 51 දෙනෙකු ඝාතනය කළ අන්තවාදී සුදු ජාතිකයා තමා නිවැරදිකරු බව අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

ඔහුට එරෙහි ත්‍රස්ත චෝදනා ක්‍රයිස්චර්ච් මහාධිකරණයේදී අද ප්‍රකාශ කෙරුණු අතර, අධි ආරක්ෂිත බන්ධනාගාරයක සිටින බ්‍රෙන්ටන් ටැරන්ට් ඊට සවන් දුන්නේ වීඩියෝ සම්බන්ධතාවයකින්.

27 හැවිරිදි ත්‍රස්ත සැකකරුට එරෙහිව මිනී මැරුම් චෝදනා 51ක් සහ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා 40ක් ද ගොනු කර ඇති අතර, මෙය නවසීලන්තයේ ප්‍රථම ත්‍රස්ත චෝදනා මත ගොනු කෙරුණු නඩු විභාගයයි.

බ්‍රෙන්ටන් ටැරන්ට් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා තම සේවාදායකයා සියළු චෝදනාවලට නිවැරදිකරු බව ප්‍රකාශ කළ අතර, ඒ අනුව ලබන වසරේදී නඩු විභාගය පවත්වාගෙන යාමට ක්‍රයිස්චර්ච් මහාධිකරණය තීරණය කළා.


News Articles
Latest Videos
Most Popular Post