මෙරට ජනතාව අතර නොසන්සුන්තාවයක් ඇති කිරීම සඳහා ඇතැම් පිරිස් සංවිධානාත්මකව කරනු ලබන ක්‍රියා නැවතීමට කාලය එළැඹ ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
සිතුල්පව්ව රජ මහා විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටි අතර සිතුල්පව්ව විහාරස්ථාන පොසොන් කලාපයේ ආලෝක පූජාව විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුනා.
වෙසක් සැමරීමට අපට අවස්ථාව අහිමි වු බවත්, බියකින් සමාජය වෙලී සිටින මොහොතක පොසොන් උත්සවය සමරන බවත් මෙහිදී විපක්ෂ නායක වරයා පැවසුවා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මහින්ද රාජපක්ෂ මහතා මෙසේ කියා සිටියා.
“වෙසක් සමරන්න අපිට පුළුවන් වුණේ නැහැ. බියකින් සමාජය වෙලිලා ඉන්න වෙලාවක තමයි අද මේ පොසොන් උත්සවය සමරන්නේ. මේ තත්ත්වය ඇති වුණේ ඇයි ? අපිට ආරක්ෂාවක් නොමැතිකම. ජනතාවට අවශ්‍ය වෙන්නේ ආරක්ෂාව.
ඒ ජාතික ආරක්ෂාවට තිබිච්ච මුල් තැන අපෙන් ඈත් වෙලා ගිහිල්ලා. ඒ අතරතුර වැදගත් උදවිය වගකිවයුතු උදවිය මේක බෞද්ධ රටක් නොවෙයි කියන මතයක් ඉදිරිපත් කිරීම හරහා තවත් ජනතාව කුලප්පු කිරීමක් සිදුවුණා කියලයි මම විශ්වාස කරන්නේ.
එහෙනම් මේක ක්‍රමානුකූලව, සංවිධානාත්මකව කරන වැඩපිළිවෙළක් වශයෙන් තමයි අපි දකින්නේ. මේවා අපි නවත්වන්න ඕන යුගය ඇවිල්ලා තියෙනවා.”