News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
17

ඉන්දු පකිස්තානු ක්‍රිකට් ගැටුමෙන් ඉන්දියාවට ජය

642 Views


ඉන්දු පකිස්තානු ක්‍රිකට් ගැටුමෙන් ඉන්දියාවට ජය

එක්දින ලෝක කුසලන ක්‍රිකට් තරඟාවලියේ ඉන්දු -පාකිස්තාන තරඟයෙන් ඩක්වර්ත් ලුව්ස් න්‍යායට අනුව ලකුණු 89 ක ජයක් ඉන්දීය කණ්ඩායම ලබා ගැනීමට සමත් වුණා.
ඕල්ඩ් ට්‍රැෆඩ් ක්‍රිඩාංගනයේ දි ඊයේ පැවැති තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීයාව පන්දුවාර 50 තුළදි කඩුලු 05ක් පමණක් දැවී ලකුණු 336ක් රැස් කළා. රෝහිත් ශර්මා ලකුණු 140 ක් රැස් කළා. පන්දු යැවීමෙදි පාකිස්තාන කන්ඩායමේ මොහොමඩ් අමිර් කඩුලු 03ක් දවාගත්තා.
පිළිතුරු ඉණිම ක්‍රිඩා කරමින් සිටියදී පාකිස්තාන කණ්ඩායමට වර්ෂාව නිසා තරඟය මඳකට නතර කරන්නට සිදූවුණා. නැවත තරඟය ආරම්භ කරන විට ඩක්වර්ත් න්‍යායට අනුව පාකිස්තානයට පන්දු 30 ක දි ලකුණු 136 ක ඉලක්කයක් හිමිව තිබුණා. කෙසේ වෙතත් නියම්ත පන්දුවාර අවසානයේ ඔවුන්ට ලබාගත හැකිවුයේ ලකුණු 212කි. ඒ අනුව ඉන්දීයවට ලකුණු 89ක ජයක් හිමිවුණා.තරඟයේ වීරයා රෝහිත් ශර්මා.


News Articles
Latest Videos
Most Popular Post