ඉදිරි ජනපති අපේක්ෂකයා ගැන ප්‍රකාශ සිදු නොකරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන්ට දැනුම් දී තිබේ.ඊයේ පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ පැවති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙදි අගමැතිවරයා මෙම ප්‍රකාශය සිදු කර ඇති බව වර්තා වේ.අගමැතිවරයගේ ප්‍රධානත්වයෙන් පැවත්වු මෙම රැස් වීමෙදි වත්මන් දේශපාලන තත්වය පිළිබද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර බව පර්ලිමේන්තු රැස් වීමෙන් පසුව රන්ජන් රාමනායක මහතා මාධ්‍යට අදහස් දකවමින් ප්‍රකාශ කළා.