News Line| Off Air
Generic placeholder image

Jun
18

තව්හීද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

536 Views


තව්හීද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක බව කියන මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් නැමැත්තා ලබන 02 වනදා දක්වා යළි රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. බන්ධනාගාර නිලධාරීන් විසින් එම සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය අධිකරණය හමුවේ දන්වා සිටියේ මෙම සැකකරු සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ පිළිබඳ වාර්තා කෙසෙල්වත්ත පොලීසිය වෙත භාරදී ඇති බවයි. සැකකරු සන්තකයේ තිබී සොයාගන්නා ලද භාණ්ඩ කිහිපයක් පරික්ෂා කර වාර්තා ලබා ගැනීම සඳහා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර තිබුණද ඊට අදාළ වාර්තා මෙතෙක් ලැබී නොමැති බව පොලීසිය සඳහන් කළා. එබැවින් රස පරීක්ෂකවරයා වෙත මේ පිළිබඳව සිහි කැඳවීමේ ලිපියක් යොමු කරන මෙන් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය අදාළ සැකකරු ලබන 02 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළා.

එමෙන්ම පොලීසිය විසින් බාර දුන් නඩු භාණ්ඩ සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තා කඩිනමින් ඉදිරිපත් කරන ලෙස දන්වා මහෙස්ත්‍රාත්වරිය විසින් රජයේ රස පරීක්ෂකවරයා වෙත සිහි කැඳවීමේ ලිපියක්ද යොමු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post