News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
18

යුද්ධ හමුදාව තුල ජාති, ආගම්, කුල භේද නෑ – හමුදාපතිගෙන් ප්‍රකාශයක්

440 Views


යුද්ධ හමුදාව තුල ජාති, ආගම්, කුල භේද නෑ – හමුදාපතිගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුල ජාති, ආගම්, කුල භේද නොමැති බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා.

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ එක් දිනක වැටුප් පරිත්‍යාගයෙන් මිළදී ගනු ලැබු රුපියල් මිලියන 10ක් වන සැම්සුන් HS40 අල්ට්‍රාසවුන්ඩ් ස්කෑනර් යන්ත්‍ර 02 ක් (Samsung HS40 Ultrasound Scanner Units) ඊයේ (17) මහරගම ‘අපේක්‍ෂා’ පිළිකා රෝහල වෙත නිළ වශයෙන් භාරදෙන අවස්ථාවේදි යුද්ධ හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් යුද්ධ හමුදාව කැප වී කටයුතු කරන බවද රටේ ආරක්ෂාව තහවුරු කළ ද ඇතැම් දේශපාලන තත්ත්වයන් පාලනය කිරීමට නොහැකි බවද යුද හමුදාපතිවරයා එහිදි පැවසුවා.

පසුගියදා පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ඇති වූ නොසන්සුන්කාරි සිදුවීම් දේශපාලන තත්ත්වයන් බවද ඒ මහතා එහිදි වැඩිදුරටත් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post