පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළ රුපියල් මිලියන 56,546ක පරිපුරක ඇස්තමේන්තුවේ දෝෂ ඇති බැවින් ඉවත් කරගන්නා බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා.මෙම ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසිනුයි.
පළාත් සභා 9 ට අදාළ සහ අමාත්‍යාංශ කිහිපයක ප්‍රතිපාදන මෙන්ම විපක්ෂ නායකවරයාගේ භාවිතයට නිල වාහනයක් ලබාගැනීම, අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල ගේ නිල නිවස නවීකරණයට අදාළ හිඟ බිල්පත් නිරවුල් කිරිම ඇතුළු තවත් වියදම් සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබුණා.