News Line| Off Air
Generic placeholder image

Jun
18

වසර 8කට පසු ඉන්දියාව, චීනය අභිබවයි

910 Views


වසර 8කට පසු ඉන්දියාව, චීනය අභිබවයි

තවත් වසර 8කින් ඉන්දියාව, චීනය අභිබවා ලොව ජනාකීර්ණතම රට බවට පත්වන බව ජගත් සංවිධාන වාර්තාවක් මගින් පෙන්වා දෙනවා. වසර 2050 වන විට ලෝක ජන ගහනය වර්තමානයේ පවතින බිලියන 7.7ක සිට බිලියන 9.7 දක්වා ඉහළ යන බවයි එමගින් පෙන්වා දෙන්නේ.

මේ වසරේ සිට 2050 දක්වා කාලය තුළ චීනයේ ජනගහනය මිලියන 31.4කින් පමණ අඩු වනු ඇතැයි අපේක්ෂිතයි.

2019 වසරේ ලෝක ජනගහන ප්‍රවණතා යන මැයෙන් ජගත් සංවිධානය ප්‍රකාශයට පත් කළ වාර්තාවේ දැක්වෙන පරිදි ඉදිරියේදී ලෝක ජනගහනයෙන් අඩක් සමන්විත වනු ඇත්තේ ඉන්දියාව ප්‍රමුඛ රටවල් 9කින්.

නයිජීරියාව, පාකිස්තානය, කොංගෝව, ඉතියෝපියාව, ටන්සානියාව, ඉන්දුනීසියාව, ඊජිප්තුව සහ ඇමරිකා එක්සත් ජනපදය එලෙස ජනගහනය සීග්‍රයෙන් ඉහළ යන අනෙක් රටවල් වනවා.


News Articles
Latest Videos
Most Popular Post