News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
18

වෛද්‍ය සාෆි නිසා ප්‍රාදේශීය සභාවක් උණුසුම් වෙයි

559 Views


වෛද්‍ය සාෆි නිසා ප්‍රාදේශීය සභාවක් උණුසුම් වෙයි

වන්ද්‍යකරණ සැත්කම් පිළිබඳ චෝදනා එල්ල වී ඇති වෛද්‍ය සාෆිට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස රජයට බල කරමින් අක්මීමන ප්‍රාදේශිය සභාවේ උප සභාපති ඒ.කේ සුගත් ඇතුළු ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු පිරිසක් අද (18) පෙරවරුවේ විරෝධතාවයක් සිදු කරනු ලැබුවා.

අදාළ වෛද්‍යවරයා චෝදනා සම්බන්ධයෙන් වරදකරුවෙකු වුවහොත් සිද්ධියට මුහුණදුන් මව්වරුන්ට වන්දි මුදලක් ලබා දිය යුතු බවද සඳහන් කළා.

තවද චෝදනා එල්ල වී ඇති වෛද්‍යවරයාට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රි ඉන්දික නවරත්න විසින් ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ යෝජනාව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි අනිල් ප්‍රියදර්ශන ස්ථීර කළ අතර එම යෝජනාව සභා සම්මත වුණා.


News Articles
Latest Videos
Most Popular Post