ෆේස්බුක් සමාගම ”ලිබ්රා”නමැති නව මුදල් ඒකකයක් හදුන්වා දී තිබෙනවා.මෙම මුදල් ඒකකය තුළින් අන්තර්ජාලය තුළ සිදුකෙරෙන ගනුදෙනු සඳහා භාවිතා කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.මෙය හදුන්වාදීමේ ප්‍රධාන අරමුණ වන්නේ ගෝලීය ගෙවීම් පද්ධතිය තුළ අඩු වියදමකින් ස්මාර්ට් දුරකතනය මගින් ගෙවීම් පහසු කිරිමයි.”කැලිබ්‍රා” නමින් සිය ඩිජිටල් පසුම්බිය හරහා මෙය සිදු කළ හැකි බවයි සඳහන් වන්නේ. මෙය නව වසරේ සිට භාවිතයට ගැනීමට නියමිතයි.