News Line| Off Air
Generic placeholder image

Jun
20

ඇලෝසියස්ට රට යන්න දුන් අවසරය අවලංගුයි

417 Views


ඇලෝසියස්ට රට යන්න දුන් අවසරය අවලංගුයි

මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ජෝසප් ඇලෝසියස් මහතාට විදේශ ගතවීමට අධිකරණය මගින් දී ඇති අවසරය අවලංගු කරන ලෙස නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන මෝසම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කැදවනු ලැබුවා.

ස්ථිර මහාධිකරණය හමුවේ නඩු පැවරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බැවින් එහි සැකකරු ලෙස නම් කර සිටින ජෙෆ්රි ඇලෝසියස්ට විදෙස්ගතවීම සඳහා ලබාදී ඇති අවසරය අවලංගු කරන ලෙස නීතිපතිවරයා සිය මෝසම මඟින් ඉල්ලා තිබුණු අතර කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ජෙෆ්රි ඇලෝසියස් මහතාට විදෙස්ගතවීම සඳහා ලබා දුන් අවසරය අවලංගු කළ බව සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post