නැගෙහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ හැර මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල හර්තාල් ව්‍යාපාරයක් මේ වනවිට ක්‍රියාත්මක වනවා.
ඒ සිව්වන දිනටත් කල්මුණේ උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට භික්ෂුන් වහන්සේලා, අන්‍යාගමික පූජකවරුන් මෙන්ම ප්‍රදේශවාසීන් එක්ව පවත්වන උපවාසයට සහය පළ කරමින්.
මොවුන් මෙම උපවාසය සිදු කරන්නේ කල්මුණේ – උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රධාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත් කරන ලෙස ඉල්ලමින්.
1993 වසරේ මෙරට උප ප්‍රාදේශීය ලේකම් කාර්යාල 28 ක්, ප්‍රධාන ප්‍රාදේශීය ලේකම් කාර්යාල බවට පත් කිරීමට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණු අතර කල්මුණේ උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලයද ඊට ඇතුළත් වනවා.
කෙසේ වෙතත් උපවාසයේ නිරතවූවන් පවසන්නේ වසර 25 කට අධික කාලසීමාවක් ගතවුවත් මෙතෙක් කල්මුණේ උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රධාන කාර්යාලයක් බවට පත් කිරීමට බලධාරීන් කටයුතු කර නොමැති බවයි.
මේ අතර ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ ආරක්ෂක මණ්ඩලයේදීද කල්මුණේ උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු වූ බවයි අමාත්‍ය මනෝ ගනේෂන් පවසා සිටියේ.