News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
20

පළාත් කිහිපයකට අදත් වැසි

426 Views


පළාත් කිහිපයකට අදත් වැසි

දිවයිනේ බස්නාහිර, සබරගමු පළාත් වලත් මහනුවර,නුවර එළිය, ගාල්ල,මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක වලත් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමෙන්තුව පවසනවා.

එමෙන්ම වයඹ පළාතෙත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.
දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් දකුණු පළාතෙත් බස්නාහිර වෙරළබඩ ප්‍රදේශ වලත් විටින් විට හමන පැ.කි.මි. 50 ක පමණ දක්වා තද සුළං ඇති විය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට සිදුවන අකුණු අනතුරු අවම කර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තුමෙන්තුව වැඩි දුරටත් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post