News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
20

රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව විශේෂ මහාධිකරණය හමුවේ නඩු

383 Views


රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව විශේෂ මහාධිකරණය හමුවේ නඩු

කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍රසූත්‍ර සහ ගොඩනැගිලි පවරා දීමට අනුමැතිය ලබා දීමට පෞද්ගලික සමාගමකින් අල්ලස් වශයෙන් රුපියල් කෝටි 54ක් ඉල්ලා ඉන් රුපියල් කෝටි දෙකක් ලබාගත් බව කියන ජනාධිපති කාර්ය මණ්ඩලයේ හිටපු ප්‍රධානී ආචාර්ය කුසුම් දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථවේ හිටපු සභාපති පී. දිසානායකට එරෙහිව අල්ලස් කොමිසම පළමුවෙනි විශේෂ මහාධිකරණය හමුවේ අද (20) නඩු පවරනු ලැබුවා.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ එම්. ජී.ෂුගර් ලංකා පුද්ගලික සමාගමේ ප‍්‍රධානී නඩරාජා නැමැති ඉන්දීය ජාතිකයෙක් විසින්.

ඒ අනුව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්වරයා මෙහිදී විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව චෝදනා 24ක් යටතේ විශේෂ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා. එම නඩුව සඳහා සාක්ෂිකරුවන් 46 දෙනෙකුද නම් කර තිබෙන බවයි සදහන් වන්නේ .


News Articles
Latest Videos
Most Popular Post