News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
20

වැව් ගම් පුබුදුව වැඩසටහන යටතේ වැව් 325 ක් ප්‍රතිසංස්කරණයට

618 Views


වැව් ගම් පුබුදුව වැඩසටහන යටතේ වැව් 325 ක් ප්‍රතිසංස්කරණයට

ගම් පුබුදුව, වැඩසටහන කඩිනම් කර අදාළ ප‍්‍රදේශවල ගොවි ජනතාවට ප‍්‍රතිලාභ සලසන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා

ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දී ඇත්තේ වැව් ගම් පුබුදුව ව්‍යාපෘතියේ වත්මන් ප‍්‍රගතිය සොයා බැලිමට ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට
එක් වෙමින්.

වැඩසටහන යටතේ උතුර උතුරු මැද සහ වයඹ පළාත් ආශ‍්‍රිත අබලන්ව ඇති ග‍්‍රාමීය වැවි 325 ක් පිළිසකර කිරීමට නියමිතයි.

එම වැවි ආශ‍්‍රිත ගම්මානවල ජනතාවට පිරිසුදු පානීය ජලය සපයා දීමේ ව්‍යාපෘතියක් ද කි‍්‍රයාත්මක කර තිබෙනවා.

වැඩසටහන සදහා ජාත්‍යන්තර හරිත දේශගුණික අරමුදල වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 6 664 ක්.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ව්‍යාපෘතිය සදහා තාක්ෂණික සහයෝගය ලබාදී තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය සදහා ඉදිරියට ගෙනයෑම සදහා ශ‍්‍රී ලංකා රජය ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 2 450ක්.

ව්‍යාපෘතිය 2024 දී අවසන් වීමට නියමිතයි.

 


News Articles
Latest Videos
Most Popular Post