News Line| Off Air
Generic placeholder image

Jun
21

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වෛද්‍ය පාදෙණියට එරෙහි පැමිණිල්ල අද විභාගයට

435 Views


අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වෛද්‍ය පාදෙණියට එරෙහි පැමිණිල්ල අද විභාගයට

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කර
තිබෙනවා.

පැමිණිල්ල අද (21) අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවු බව සදහන්.

අදාළ පැමිණිල්ල සැප්තැම්බර් මස 4 වනදා ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනීමට තීරණය කර ඇති අතර පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරුවන් වන මහාචාර්ය සරත් විජේසුරිය සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් විසින් පැමිණිල්ල ඉදිරිපත්කර තිබුණා.

ඔවුන් සඳහන් කර ඇත්තේ 2017 වසරේ අප්‍රේල් මස කොළඹ පැවති මහජන රැස්වීමක දී අදහස් දැක්වූ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳව අභියාචනාධිකරණය මඟින් ප්‍රකාශයට පත්කරන ලද නඩු තීන්දුවක් දැඩි ලෙස විවේචනය කරමින් කරුණු ඉදිරිපත් කළ බවයි.

එමගින් අනුරුද්ධ පාදෙණිය මහතා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් අදාළ පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post