News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
21

ඉන්දියවේ බස් රථ අනතුරකින් 44 ක් මරුට

476 Views


ඉන්දියවේ බස් රථ අනතුරකින් 44 ක් මරුට

ඉන්දියාවේ හිමාචල් ප්‍රාන්තයේ කුල්ලු ප්‍රදේශයේදී බස් රථයක් අනතුරකට ලක් වීමෙන් පුද්ගලයින් 44 දෙනෙකු මිය ගොස් ඇති අතර ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව 30ක්.

කඳුකර ප්‍රදේශයකදී බස් රථය ප්‍රපාතයකට පෙරළී මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ බැවින් මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.

ප්‍රමාණය ඉක්මවා මගීන් ප්‍රවාහනය සහ අධික වේගය අනතුරට හේතු වන්නට ඇතැයි සැක පළ කරනවා.

අනතුරින් මිය ගිය සහ තුවාල ලැබූ පුද්ගලයින් වෙනුවෙන් සිය ශෝකය පළ කරන බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කර තිබෙනවා.

මිය ගිය සහ තුවාල ලැබූ පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් 50000 බැගින් ලබා දීමට හිමාචල් ප්‍රාන්ත රජය තීරණය කර ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post