ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන ශ්‍රී ලංකා – එංගලන්ත තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා පිල දිනා ගනු ලැබුවා.
ඒ අනුව පන්දුවට පළමුවෙන් පහර දීමට ශ්‍රී ලංකා පිල තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය මේ දක්වා ලෝක කුසලාන තරග 10කට සහභාගි වී ඇති අතර ඉන් තරග 6ක් එංගලන්තය ජයගනිද්දී ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 4ක් පමණයි.
කෙසේ වෙතත් අවසන් වරට පැවති 2007,2011 සහ 2015 යන ලෝක කුසලාන තුනේදීම ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය පරාජය කර තිබෙනවා.
එංගලන්තය අවසන් වරට ලෝක කුසලාන තරගයකදී ශ්‍රී ලංකාව පරාජය කර ඇත්තේ 1999 වසරේදීයි.
නමුත් මෙවර තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායමක් වන එංගලන්තය පරාජය කිරීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියළු ක්‍රීඩකයින් සිය වගකීම් කොටස නිසිලෙස ඉටු කළ යුතු වෙනවා.
ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසීමට නම් මෙම තරගය අනිවාර්‍යෙන් ජය ගතයුතු වන අතර ඒ සඳහා වැඩි බරක් පැටවී ඇත්තේ පසුගිය තරග සියල්ලේම අසාර්ථක වූ මැද පෙළ පිතිකරුවන්ටයි.