News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
21

කොළඹ තැන් කීපයකට හෙට ජල කප්පාදුවක්

397 Views


කොළඹ තැන් කීපයකට හෙට ජල කප්පාදුවක්

හෙට (22) දින පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12 තෙක් පැය 15 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ විදුලි පද්ධතියේ වැඩිදියුණු කිරීමක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් සහ ජුබිලි ජල සැපයුම පද්ධතියේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුන බව මණ්ඩලය වැඩිදුරටත් කියා සිටියා.

ඒ අනුව, කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශය, මහරගම,බොරලැස්ගමුව, කොළොන්නාව, නගර සභා බල ප්‍රදේශය, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයට මෙලෙස ජල කප්පාදුව බලපැවැත්වෙන බවයි වර්තා වන්නෙ.


News Articles
Latest Videos
Most Popular Post