News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
21

දිවයින අවට මුහුදු ප්‍රදේශ රළු වෙයි

502 Views


දිවයින අවට මුහුදු ප්‍රදේශ රළු වෙයි

ඉදිරි දින කිහිපයේදීත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක තද සුළං සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව කියා සිටියේ පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළ යා හැකි බවයි.

එබැවින් ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කළයුතු බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

එමෙන්ම බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල ද පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා තද සුළං ඇති විය හැකි බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post