News Line| Off Air
Generic placeholder image

Jun
21

දුම්රිය වර්ජනය හෙතුවෙන් ලංගමයෙන් අමතර බස් 800ක්

480 Views


දුම්රිය වර්ජනය හෙතුවෙන් ලංගමයෙන් අමතර බස් 800ක්

සිය වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා.

දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මනුර පීරිස් කියා සිටියේ මුදල් අමාත්‍යාංශය තම වැටුප් විෂමතාව සඳහා විසදුම් ලබාදීමට අපොහොසත්වීම නිසා මෙලෙස වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

දුම්රිය වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාර 40 ක් අවලංගු කෙරුණු අතර, ධාවනය වුයේ 10 ක් පමණයි.

ඉන්ධන ප්‍රවාහන දුම්රිය එලෙසම ධාවනය කෙරෙන බවත් අද පස්වරුවේත්, පෙරවරුවේ ධාවනය වූ දුම්රිය එලෙසම ධාවනය කිරීමට නියමිත බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු පැවසුවා.

තවද වැටුප් විශමතාවයට මුදල් අමාත්‍යාංශය නිසි විසදුමක් ලබාදෙන තෙක් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි වෘත්තීය සමිති පවසන්නේ.

වැටුප් විෂමතා ගැටළුවට විසඳුම් ලබාදීම සඳහා පත් කර ඇති කැබිනට් අනු කමිටුවේ වාර්තාව සති දෙකකින් ලබාදීමට තිබියදී දුම්රිය සේවකයන් වර්ජනයේ නිතරවීම සම්බන්ධයෙන් එකඟ විය නොහැකි බවයි රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ කියා සිටියේ.

වර්ජනය හේතුවෙන් බස් රථ 800 ක් යොදවා ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී.එච්. ආර්.ටී. චන්ද්‍රසිරි කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post