News Line| Off Air
Generic placeholder image

Jun
21

පාප්වහන්සේ බැහැදැකීමට කාදිනල් හිමියන් වතිකානුවට

429 Views


පාප්වහන්සේ බැහැදැකීමට කාදිනල් හිමියන් වතිකානුවට

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අති උතුම් ශුද්ධ වු ෆ්‍රැන්සිස් පාප්වහන්සේ බැහැදැකීමට වතිකානුවට ගොස් තිබෙනවා.

උන්වහන්සේ බැහැදැකිමට පැය කිහිපයකට පෙර රොයිටර් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් කාදිනල් හිමිපාණන් පැවසුවේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහරය සම්බන්ධයෙන් ලැබි තිබු බුද්ධි අංශ වාර්තා සැලකිල්ලට නොගැනීම හා ඒ ප්‍රහාරයෙන් පසු රජය ගත් ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි බවයි.

එහිදි කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කලේ රජය පැත්තෙන් බරපතල ලෙස වගකීම් විරහිතව කටයුතු කළ බවක් පෙනෙන බවත් දැන් ඔවුන් සියලු වර්ග වල කමිටු සහ කොමිෂන් සභා පත් කල ඇති අතර දෙපාර්ශය අතර ආරවුල් ඇති වෙමින් තිබෙන බවත්ය.මේ ප්‍රහාරයට වගකිවයුත්තේ පිලිබදව රජය දන්නා බවද එතුමා කියා සිටියා.

එමෙන්ම ප්‍රහාරයක් සැලසුම් කර ඇති බව උන්වහන්සේ දැන සිටියේ නම් පල්ලි වසා දමා ජනතාවට ගෙදර යන ලෙස දැනුම් දී මෙම ව්‍යසනය වළක්වා ගත හැකිව තිබු බවද රොයිටර් පුවත් සේවය නැඟු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් උන්වහන්සේ වැඩි දුරටත් සඳහන් කළා.

තවද බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් වු ඥතීන් තමන් සමග අදහස් බෙදාගත් අයුරු පිලිබදව ඉතා හැගීම්බරව අදහස් ප්‍රකාශ කල බව එම මාධ්‍ය සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post