News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
21

පාසල් නොයන ළමුන් පිළිබඳ වහා පියවර ගන්න – අකිලගෙන් ප්‍රකාශයක්

545 Views


පාසල් නොයන ළමුන් පිළිබඳ වහා පියවර ගන්න – අකිලගෙන් ප්‍රකාශයක්

පාසල් නොයන ළමුන් පිළිබඳ තොරතුරු වාර්තා වු විගස ඔවුන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට නිලධාරීන්ට කිසිඳු බාධාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

පාසල් යා යුතු වයසේ පසුවන දරුවන් විවිධ කරුණු හේතුවෙන් නිවෙස්වල රැඳී සිටින බවට මාධ්‍ය ඔස්සේ පලවන වාර්තා පිළිබඳ අවධානය යොමු කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් වාර්තා වු වහාම ඔවුන් පාසලට ඇතුළත් කිරීම සඳහා අවශය හොඳම පියවර ගැනීමට නිලධාරීන්ට පුර්ණ අයිතියක් ඇති බවයි.

දරිද්‍රතාවය හෝ වෙනත් හේතුන් මත දරුවන්ට පාසල් අධ්‍යාපනය ලබා දීමට නොහැකි තත්ත්වයේ පසුවන මව්පියන් වෙතොත් ඔවුන් හඳුනාගෙන සුදුසු පියවර ගැනීම ගම්බඳව සේවය කරන රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරීයේ කොටසක් වියු යුතු නොවේද යන්න අකිළ විරාජ් කාරියවසම් අමාත්‍යවරයා ප්‍රශ්න කර සිටිනවා.

ශ්‍රී ලංකාවේ සෑම දරුවෙකුටම පාසල් අධ්‍යාපනය අනිවාර්ය බවට ගම් මටටමේ කටයුතු කරන රාජ්‍ය සේවකයින් දැන සිටිය යුතු සරල කරුණක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post