News Line| Off Air
Generic placeholder image

Jun
21

මහනුවර කියෝතෝ නගරය මෙන් දියුණු කිරීමට අගමැතිගේ අවධානය

466 Views


මහනුවර කියෝතෝ නගරය මෙන් දියුණු කිරීමට අගමැතිගේ අවධානය

ජපානයේ ඓතිහාසික කියෝතෝ නගරය පාරම්පරික උරුමය ආරක්‍ෂාවන සේ නවීකරණය කළ ආකාරයටම ඓතිහාසික මහනුවර නගරය ද පුළුල් කරලීමේ සැලසුම් සකස් කිරීමට ජපානයේ සහය ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය විශේෂ උපදේශක ආචාර්ය හිරොතො ඉසුමි මහතා අතර අද (21) පෙරවරුවේ කොළඹ අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකාවට මිත්‍රශීලී සහයෝගය පුද කිරීම සඳහා ජපානය සැමවිටම සූදානමින් සිටින බව අවධාරණය කළ ඉසුමි මහතා ත්‍රිකුණාමලය වරාය සංවර්ධන කාර්යයන් සඳහා ජපාන, යෙන් බිලියනයක ප්‍රදානයක් ලබා දීමට කටයුතු කරන බව ද පවසා ඇති බව සදහන්.

මධ්‍යම අධිවේගී මාර්ගය, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සංවර්ධනය, එල්එන්ජී විදුලි බලාගාරය හා කොළඹ සැහැල්ලූ දුම්රිය සේවය සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කර ගෙන ඇති අතර ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආයෝජන සැලසුමක් සැකසීමේ වැදගත්කම සම්බන්ධවද වික්‍රමසිංහ මහතා කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

එසේම ඉන්දියාව, ජපානය හා ශ්‍රී ලංකාව එක්ව සංවර්ධන කාර්යයන් සඳහා කටයුතු කිරීම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා දරන ප්‍රයත්නය පිළිබඳව ද වික්‍රමසිංහ මහතා දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කර ඇති අතර ඒ ප්‍රයත්නය සඳහා ජපානයේ උපරිම සහයෝගය හා දායකත්වය ලබා දෙන බව ඉසුමි මහතා ප්‍රකාශ කර ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post