දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් වර්ජනයක නිරත වුවද, කාර්යාලයීය දුම්රිය 08ක් අද උදෑසන ප‍්‍රදේශ කිහිපයක සිට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කළා.
මාතර, ගාල්ල, හලාවත, රඹුක්කන සහ මහව එක් දුම්රිය බැගින් සහ මහනුවර දුම්රිය ස්ථානයෙන් දුම්රිය 02ක් එලෙස ගමන් ආරම්භ කළා. දුම්රිය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ඩිලන්ත ප‍්‍රනාන්දු කියා සිටියේ එම සියලූ දුම්රියන් උදෑසන 09ට පෙර කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළගාවීමට නියමිත බවයි.
මහනුවරින් අද උදෑසන ගමන් ආරම්භ කළ දුම්රියක් උදෑසන 07 යි 30 පමණ විට පල්ලෙවෙල ප‍්‍රදේශය පසු කර තිබුණා. මහව දුම්රිය වේයන්ගොඩ දුම්රිය ස්ථානය පසු කර මේවනවිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත ධාවනය වෙමින් තිබෙනවා.
උදෑසන 06 යි 05 ට මාතර සිට මරදාන බලා ධාවනය වන රුහුණු කුමාරි සීග‍්‍රගාමී දුම්රිය විනාඩි 05ක් පමණ ප‍්‍රමාද වී කොළඹ බලා ධාවනය ආරම්භ කළා. උදෑසන 07 යි 15 පමණ වනවිට එම දුම්රිය හික්කඩුව දුම්රිය ස්ථානය පසු කර තිබුණා. අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයෙන් ද කොලඹ කොටුව බලා දුම්රියක් ධාවනය කරවීමට නියමිතව තිබෙනවා.
මේ අතර වැඩවර්ජනය පැවැත්වෙන දුම්රිය ස්ථානවල ආරක්ෂාවට යුද හමුදාව සහ පොලීසිය යොදවා තිබෙනවා.