News Line| Off Air
Generic placeholder image

Jun
21

විදේශවල පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයින්ගේ දරුවන්ටත් මෙවර සා.පෙළ විභාගයට අවස්ථාව

807 Views


විදේශවල පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයින්ගේ දරුවන්ටත් මෙවර සා.පෙළ විභාගයට අවස්ථාව

විදේශවල පදිංචි ශ්‍රී ලාංකිකයින් රැසක් කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව එළැඹෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට විදේශවල පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයින්ගේ දරුවන්ට ද පෙනී සිටීමට අවස්ථාව සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

ඉතාලිය, ඕමානය හා කාටර් රාජ්‍යවල පදිංචි ශ්‍රී ලාංකිකයින්ගේ දරුවන්ට මෙවර එම අවස්ථාව හිමි වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළ අතර විදේශ අමාත්‍යංශය හා එම රටවල පිහිටි තානාපති කාර්යාල සමග ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද ඒ මහතා සිටියා.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අදාළ රටවලට ගොස් විභාග කටයුතු සැලසුම් කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post