ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රි ලංකා කණ්ඩායම සහභාගි වන 06 වන තරගය සත්කාරක එංගලන්තයට එරෙහිව අද ලීඩ්ස් හිදි පැවැත්වෙනවා.
තරගය මෙරට වේලාවෙන් පස්වරු 03 ආරම්භ වන අතර එම තරගයට වර්ෂාවෙන් බාධා ඇති නොවන බවයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තුමෙන්තුව පවසන්නේ.
දෙරට අතර මේ දක්වා ලෝක කුසලාන තරග 10 ක් පවත්වා තිබෙනවා.
ඉන් තරග 06 ක් එංගලන්ත කණ්ඩායම ජය ගෙන ඇති අතර ශ්‍රි ලංකාව තරග 04 ක් ජයගෙන ඇති බව සදහන්.
අවසන් වරට එංගලන්ත කණ්ඩායම ශ්‍රි ලංකා කණ්ඩායම පරාජය කර ඇත්තේ 1999 වර්ෂයෙදි ය.ඒ අනුව 2007,2011,2015 යන වසර වල පැවැත් වුණු තරග අඛන්ඩව ජය ගැනිමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්කම් දක්වා තිබෙනවා. එම නිසා දෙපිලටම මෙම තරගය ජය ගැනිම අභියෝගයක් වන බවයි විස්තර විචාරකයින් පවසන්නේ.