අම්බලන්ගොඩ වේනමුල්ල ප්‍රදේශයේ නිවසක දරුවෙකු අඹ ගසක එල්ලී මිය ගොස් ඇති අතර ඊයේ (21) සවස 5.50ට පමණ දරුවාගේ මව විසින් දරුවා අඩි 20ක් පමණ උසින් යුත් අඹ ගසක එල්ලී මිය ගොස් සිටින ආකාරය දැක ඇත.
අම්බලන්ගොඩ පොලීසිය පැමිණ මේ පිළිබඳව විමර්ශන කටයුතු සිදුකර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ දරුවා දින කිහිපයක සිට අඹ ගස මුදුනේ අට්ටාලයක් සාදා එහි විනෝද වී ඇති බවත් පසුව මව විසින් ඒ පිළිබඳ අනතුරු ඇඟවීම නිසා දරුවා අට්ටාලය ගැලවීමට කටයුතු කර ඇති බවත්ය.
ඊයේ අට්ටාලයේ අවසාන කොටස ගලවමින් සිට ඇති අතර එහිදී දරුවා එහි තිබු නයිලෝන් නූලක ගෙල සිරවී මිය ගියේද එසේ නැතිනම් දරුවා විසින්ම සිය දිවි හානි කරගෙන ඇති ද යන්න තවමත් අනාවරණය වී නැහැ.
මේ වන විට බලපිටිය මූලික රෝහලේදී දරුවාගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුවෙමින් පවතින බවත් මේ පිලිබද අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් පවතින බවත් සදහන්.