News Line| Off Air
Generic placeholder image

Jun
22

අයහපත් කාළගුණය නිසා මධ්‍යම කඳුකරයේ වාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් වන්න

759 Views


අයහපත් කාළගුණය නිසා මධ්‍යම කඳුකරයේ වාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් වන්න

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපය පුරාවට කඩින් කඩ වැසි පතිත වෙමින් පවතින බව වාර්තා වනවා. අධික වර්ෂාව සමග හට ගන්නා තද සුළං තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ විදුලි සැපයුමටද වරින් වර බාධා එල්ල වූ බව සඳහන්.

අධික වර්ෂාවත් සමගම හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ කිතුල්ගල සිට හැටන් දක්වාත්, හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ද ඝන මිදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් එම මාර්ග වල රථ වාහන ගමනා ගමනයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

එම මාර්ගවල පවතින වර්ෂාවත් සමග පස් කදු කඩා වැටිම්, මාර්ගයට ගස් අතු කඩා වැටිම් සහ මාර්ගය ලිස්සන සුළු නිසා එම මාර්ගවල රථ වාහන ධාවනය කිරිමෙදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post