News Line| Off Air
Generic placeholder image

Jun
24

ජනපති ප්‍රකාශයට අන් පක්ෂවල විරෝධය

632 Views


ජනපති ප්‍රකාශයට අන් පක්ෂවල විරෝධය

යහපත් රාජ්‍ය පාලනයක් සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 18 සහ 19 වන සංශෝධනයන් අහෝසි විය යුතු බව ජනාධිපතිවරයා ඊයේ ප‍්‍රකාශ කළා.
19වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි විය යුතු බවට ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශය ප‍්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හේෂා විතානගේ පවසනවා. ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ 19වන සංශෝධනය ගෙන ආවේද, ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවයට බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ 19 වන සංශෝධනය ගෙන ඒමෙන් අපේක්ෂා කළ අරමුණු ඉටු කිරීමට ජනාධිපතිවරයා පියවර ගත යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සදහන් කර ඇත්තේ 19 වන සංශෝධනයට සහය දුන් සියලූ දෙනා රටේ උද්ගතවී ඇති දේශපාලන අස්ථාවරත්වයට වගකිව යුතු බවයි.


News Articles
Latest Videos
Most Popular Post