දිවයිනේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත් වලත් ගාල්ල, මාතර,අම්පාර හා කළුතර යන දිස්ත්‍රික්ක වලත් වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමෙන්තුව පවසනවා.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට පැ.කි.මි.40-50 දක්වා තරමක තද සුලං ඇති විය හැකි බව එම දෙපාර්තුමෙන්තුව තවදුරටත් සඳහන් කළා.
එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තරමක තද සුලං ඇති වීමට ඉඩ ඇති විය හැකිබවත් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තුමෙන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.