News Line| Off Air
Generic placeholder image

Jun
24

පොලිස්පති පූජිත් ජයසුන්දරගේ පෙත්සම යළි කල්යයි

480 Views


පොලිස්පති පූජිත් ජයසුන්දරගේ පෙත්සම යළි කල්යයි

පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපතිවරයා ගත් තීරණය අහෝසි කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ඔහු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජූලි මස 31 දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) දින ලබා දුන්නා.

මෙම පෙත්සම සම්බන්ධයෙන් නීතිමය කරුණු පුළුල් ලෙසට සහ තර්කානුකූලව බැලිය යුතු බැවින් එය ජූලි මස 31 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කර තිබෙනවා.

මෙම පෙත්සමට එරෙහිව පෙත්සමේ හතර වන වගඋත්තරකරු වන ජනාධිපති ලේකම්වරයා දිවුරුම් ප්‍රකාශයක් මගින් විරෝධතා ගොනු කළ බව ජනාධිපති ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ඉන්දිකා දේමුණී ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටි අතර අද දින මෙම පෙත්සම විනිසුරු ප්‍රසන්න ජයවර්ධන, විනිසුරු එස්. තුරෙයිරාජා සහ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙනියගෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවා.

මෙම පෙත්සමෙන් පොලිස්පතිවරයා නියෝජ්‍ය පොලිස්පති C.ඪ්.වික්‍රමරත්න, ජනාධිපති ලේකම්වරයා, කථානායක කරූ ජයසූරිය මහතා ඇතුළු ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් නම් කර තිබෙනවා.

එම පෙත්සමෙන් පොලිස්පතිවරයා පවසා සිටින්නේ 2018 වර්ෂයේ ඔක්තොම්බර් මාසයෙන් පසු තමාට ජාතික ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් සඳහා ආරාධනා ලැබී නොමැති බවයි.තමා අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපතිවරයා ගත් තීරණය හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් සමානව සැලකීමේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ඔහු පවසා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post