News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
24

බදියුදීන් ඇමති ධූරය යළි බාර ගැනීම ගැන කතා කරයි

509 Views


බදියුදීන් ඇමති  ධූරය යළි බාර ගැනීම ගැන කතා කරයි

ඒකාබද්ධ විපක්ෂය ඉකුත් දා ප‍්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන් ද යළි අමාත්‍යධූරයක දිවුරුම් දීමට වැඩි ඉඩකඩක් පවතින බවයි. නමුත් රිෂාඩ් බදියුදින් සදහන් කළේ තමන්ට එරෙහි පරීක්ෂණ අවසන් වන තුරු කිසිඳු විටෙක යලි අමාත්‍යධූරයක් භාර නොගන්නා බවයි.
රිෂාඞ් බදියුදීන්ට අමතරව අසාද් සාලි සහ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාට එරෙහිව ඉකුත් දා පොලිස් මූලස්ථානයට පැමිණිලි කිරීමට කල් ලබා දුන් අතර එහිදී වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී තිබුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන්ට එරෙහිවයි.

ඒ සම්බන්ධයෙන් තමන්ට එරෙහි ඕනෑම් පරීක්ෂණයකට මුහුණ දීමට සූදානම් බවයි මන්තී‍්‍රවරයා ප්‍රකාශ කළේ.
රිෂාඞ් බදියුදීන්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය ධූරයෙන් ඉවත්වීමෙන් පසු එහි වැඩබලන ඇමතිවරයා ලෙස බුද්ධික පතිරණ පත් කිරීමට ද ඉකුත්දා ජනපතිවරයා පියවර ගත්තා.


News Articles
Latest Videos
Most Popular Post